đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

👣C.R.E.A.T.O.R පහලොස් වන දිගහැරුම👣

දුශාන් මම ඔයාට හැමදේම කියන්නම්...
මේ හැමදේම උනේ මීට අවුරුදු හතරකට විතර කලින්.....

****************************
සිව් වසරකට පෙර

විශේෂ අපරාධ ඒකකයේ දුර්කතනය නාද විය.. වේලාව අලුයම 03 පසු වී විනාඩි විස්සකි..

එහිසිටි නිලධාරීයා දුරකතනයට පිලිතුරු දුන්නේය...

හෙලෝ......
මොකක් ...?
ඇමතිට අයිති ගේක කුඩු බිස්නස් එකක් වෙනවා....?
දැන් ආවොත් අල්ලන්න පුලුවන් ....?
කවුද ඔය කොහොමද මෙහෙම කිය්න්නෙ....
තමුන් මේ ගැන වෙන කාටද කිව්වෙ?
ආහ් කාටවත් කිව්වෙ නැද්ද?
හරි හරි අපි එනකම් කාටවත් කියන්න එපා අපි ඉක්මන්ට එන්නම්.....

රිසීවරය බිමතැබූ නිලධාරීයා තවත් සුලු නිලධාරීන් තිදෙනෙකු සමග විගසින් ජිප් රතයක නැගී පිටත් විය...

උස් තාප්පයෙන් වට කර තිබූ සුවිසල් දෙමහල් නිවසේ ගේට්ටුව විවර කර තිබුනු අතර ජීප් රතය නිවසෙහි මිදුලින් නැවැත්වීය.....

ඉදිරිපස දොරද විවර කර තිබුනු අතර ඉතා වේගයෙන් රතයෙන් බැසගත් නිලදාරියා නිවස තුලට දිවගියේය...
ඔහු ඇතුල්වත්ම දුටුවේ කොන්ඩය දිගට වවාගත් මුදු මාල කරාබු පැලද සිටි මදාවි පුද්ගලයෙකු තම හිස පහත් කරගෙන සුවපහසු අසුනක වාඩි වී සිටියේය...

ඔහු අසලම ඔහුගේ ගෝලබාලයන් දෙදෙනෙකු වාඩි වී සිටි අතර ඔවුන්ද පෙර ඉරියව්වෙන් ම අසුන්ගෙන සිටියහ...

නිහඩව ඔවුන් දෙසට පැමිනි නිලදාරියා කලබලයෙන් තම හඩ අවදි කලේය...

අයියෝ සුසන්ත ඔහොම බලන් ඉදලා හරියන්නෙ නැ...
උබලා ගැන ඔත්තුවක් ගිහිල්ලා...
ඉක්මන්ට මෙතනින් පලයන්...
ඔත්තුව දුන්න එකා තව කාට කාට හරි කියන්න කලින්...
ඇමති තුමා දැනගත්තොත් මාත් ගස්....

සුසන්ත ලෙස හැදින්වූ පුද්ගලයා පොලිස් නිලදාරියා දෙස ඉතා කේන්තියෙන් ඔලුව ඔසවා බලා ඔහුගේ ම දෙඅත් දෙස බැලීය...

පොලිස් නිලධාරීයා හට දෙවියන් සිහිවිය... සුසන්ත නම් වූ පුද්ගලයා ගේ දෑතට මාංචු දමා තිබූ අතර අනෙක් ගෝලයන්ගේ දෙඅත් වලටද මාංචු දමා තිබෙනු දුටු නිලධාරීයා පුදුමයට පත්විය...

ඔහු ගොත ගසමින් හඩ අවදි කලේය... ක...කා කවුද මේ Arrest කලේ?

මම යි .... නිලධාරීයා ගේ පිටුපසින් ඇසුනේ කාන්තා හඩකි... ඔහු එක් වරම පිටුපස හැරී බැලීය...

කට කොනකින් සිනහසෙමින් පොලිස් නිලධාරීයා දෙස බලාගෙන සිටියේ සත්‍යාය....

SI සත්‍යා.... ඔයා මොකද මෙතන කරන්නෙ?

සර් ... සත්‍යා ආචාරකරමින් පැවසීය... මට කෝල් එකක් ආවා සර්... මෙතන Drugs Deal එකක් වෙනවා කියලා ඉතින් මම ඇවිත් Arrest කලා සර්..

සත්‍යා ... නිලධාරීයා කෑ මොර දෙන්නට විය... ඔයාලාට ඕන ඕන දේවල් කරන්නද පොලිසිය තියෙන්නෙ... ඔයාට වඩා උසස් නිලධාරීන් ඉන්නෙ මොකටද? අහන්නෙ නැතුව පන්ඩිත වැඩ කරන්න යන්වා....දැන්ම මේ මාංචු ගලවන්න...

බැහැ සර්....

බැහැ මොකද්ද තමුසෙ කිව්වෙ ? බැහැ?

ඔව් සර් මට ඉහල නිලධාරියෙක්ගෙ අණක් ලැබුනා...

ඉහල නිලධාරීයෙක්..ඒ කවුද?...ඔහු පුදුමයෙන් විමසීය..

මමයි මෙයාලව arrest කරන්න කිව්වෙ....නිවසෙහි තරප්පු පෙල දෙසින් එම හඩ ඇසින...
කිහිපදෙනෙකු තරප්පුවෙන් බැස එන හඩ ඇසී නිලධාරීයා එදෙස විමසිල්ලෙන් බැලීය......

සුදු පාට කමිසයකින් සැරසී නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැද දුඹුරු පැහැති සපත්තු යුගලක් පැලද සිටි පුද්ගලයා ඉදිරියට පැමිනි අතර ඔහු පිටුපසින් නිලඇදුම් ඇද සිටි තවත් නිලධාරීන් සිව් දෙනෙකු විය...

සුදු කමිසයකින් සැරසී සිටි නිලධාරීයා උසට සරිලන මහතකින් යුතු වූ හැඩිදැඩි අයකු වූ අතර මුහුණපුරා වැවුනු රැවුලකින් සමන්විත විය...

කව්ද තමුන්? මෙයාලව arrest කරන්න තරම් හයියක් ආවෙ කොහෙන්ද? මේ ඇමතිතුමාගෙ මිනිස්සු... නිහඩව සිටි නිලධාරීයා සුදු පැහැති කමිසයකින් සැරසී සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කලේය...

කාගේ මිනිස්සු උනත් වැරැද්දක් කලොත් ඒකට දඩුවම් දෙන ඒක නේද අපේ රාජකාරිය ...සුදු කමිස කරුවා විමසීය...

මද වේලාවක් සුදුකමිස කරුවා දෙස බලා සිටි පොලිස් නිලධාරීයා සත්‍යා අසලට ගොස් ඇය අතෙහි තිබූ මාංචු කුට්ටම් වල යතුරු බලෙන් මෙන් ගෙන අත්තඩංගුවට ගෙන සිටි පුද්ගලයා දෙසට පියනැගීය..... එම මදාවි පුදගලයා සිනහසෙමින් බලාපොරොත්තු වූයේ මද වෙලාවකින් ඔහු නිදහස් වන බවය....

එක් වරම නිලධාරීයාගේ පිටුපස කමිසයෙන් ඇද පිටුපසට ගත් සුදුකමිසකරුවා නිලධාරීයා ගේ කම්මුලට පහරක් ගැසූ අතර එම පහරත් සමග ඔහුව බිම ඇදවැටුනු අතර මදාවියා ඒ දෙස පුදුමයෙන් බලා සිටියේය..

පහර කෑ නිලදාරියා තම මුඛයෙහි කොනින් වෑහෙන ලේ බිදු පිසදමමින් පුදුමයෙන් මෙන්ම කේන්තියෙන් සුදුකමිසකරුවා දෙස බලා සිටියේය..

තමුන්ට මම කවුද කියන එක නේද දැනගන්න ඕන?
සුදුකමිසකරුවා අවදාරනාත්මකව පැවසීය...

Harsha Prathap Mahanaama
Batch number 908567
Head of Anti Kidnapping Force and
Special Crime Branch
Assistant Superintendent of Police

ඔහු ඉතා ශබ්ද නගා පැවසීය...

එය ඇසීමත් සමගම බිය වූ නිලධාරීයා හර්ශ ගේ කකුල අල්ලා වැදීමට විය...
අනේ බුදු සර් මට සමාවෙන්න... මම මේ දේවල් කලේ හිතලා නෙවෙයි... ඇමති තුමාට මේ පලාතෙ කවුරුත් එරෙහි වෙන්නෙ නෑ...අනේ සර් මට සමාවෙන්න සර් මම දරුවො දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්... අනේ බුදු සර්... මද වේලාවක් බලා සිටි හර්ශ තම හඩ අවදි කලේය...

සිවකුමාර්

ඔව් සර්... හර්ශ හට ආචාර කරමින් ඉදිරියට පැමිනියේ දමිල පොලිස් නිලධාරීයෙකි..

මේ මනුස්සයව Branch එකට ගේන්න...

Ok sir...

සත්‍යා , සෆ්‍රාස් , අශේන්

ඔව් සර්.... සත්‍යා සමග තවත් නිලදාරින් දෙදෙනෙක් ආචාර කරමින් ඉදිරියට පැමිනි අතර එක් අයෙක් හැඩි දැඩි මුස්ලිම් නිලධාරීයෙකු වූ අනෙකා තරුණ කඩවසම් නිලදාරියෙකි...

ඔයාලා මේ තුන්දෙනාව අරගෙන සිවකුමාර් එක්කම branch එකට යන්න....

මම හෙඩ් ශොට් එක්ක DIG ව හම්බවෙලා එන්නම්....

Ok sir

හෙඩ් ශොට් යමුද? හර්ශ තවත් නිලදාරියෙකු ඇමතීය.... ඔහු සිහින් කෙසග නිලධාරීයකු වූ අතර නමුත් ඉතා දක්ශ ඉලක්ක වෙඩික්කරුවෙකු වූ බැවින් ඔහුට හෙඩ්ශොට් නාමය පටබැදී තිබින..

දෙදෙනා පිටත්ව ගිය අතර මැරයන් රැගත් අනිත් පොලිස් ජීප් රථ දෙකද පිටව ගියහ...

************************************

වේලාව රාත්‍රී 10 පමන වී ඇත....සත්‍යා සෆ්‍රාස් සහ
අශේන් නොයිවසිලිවන්තව විශේශ අපරාධ ඒකක කාර්‍යාලයේ අසුන්ගෙන සිටියහ.. කාර්‍යාලයේ මිදුලට වැටෙන ජීප්‍ රථයක එලිය දුටු සත්‍යා සැනසුම් සුසුම් හෙලමින් තම අසුනින් නැගිටිමින් තම හඩ අවදි කලාය..

අම්මෝ ඇතියන්තම් සර් ආවා...

සර් ආවා නේද යැයි පවසමින් සිවකුමාර් ද එවලෙහිම කාර්‍යාලය වෙත ඇතුලු විය..

හර්ශ සිනහමුසු මුහුනින් හෙඩ්ශොට් සමග කතාබහක නියැලෙමින් කාර්‍යාලය වෙත ඇතුලු විය...

හර්ශ කාර්‍යාලය වෙත ඇතුලුවත් ම සියල්ලෝම ආචාර කල අතර සිවකුමාර් තම හඩ අවදි කලේය..

Welcome Back Sir....

We missed you sir ...ඒ සෆ්‍රාස් ය...

සර් නැතුව අපි හරි පාලුවෙන් සර් හිටියේ.... සත්‍යා සිනහසෙමින් පැවසීය...

ඉතින් මං නැතුව ඒ තරම් පාලු උනේ ඇයි හර්ශ සිනහසෙමින් තම අසුන වෙත පියනගමින් ඇසීය...

කිසිම Raid එකෙක් කලේ නෑ සර්... සිවකුමාර් පැවසීය...

හර්ශ අසුන්ගත් අතර අනිත් අයටද අසුන් ගන්නා ලෙස පැවසීය...එහෙනම් නරක වැඩ අඩුවෙලා ඇති නේද? හර්ශ කට කොනකින් සිනහසෙමින් පැවසීය..

ඒ ගැන නම් මොකට කියනවද ? සිවකුමාර් ද සිනහසෙමින් පැවසීය...

හැබැයි සර් ආපහු මෙහෙට එන්ටර් උන විදිහ නම් නියමයි... සත්‍යා තම හඩ අවදිකලාය...IP පාලිත බණ්ඩාර ට උන් හිටි තැන් අමතක උනා....

සර් එතකොට සර් කලින් IP ව හම්බ වෙලා නැද්ද? සර් pakistan යනකොටවත්... ? සෆ්‍රාස් විමසීය..

නැහැ සෆ්‍රාස් මම ගියාට පස්සෙ තමයි එයාව යවන්න තීරණය කරලා තියෙන්නෙ..කලින් එන්න හිටියේ IP වීරතුංග.. එයත් මාත් එක්ක ගියා...මාස හයකට නිසයි පාලිතව එවලා තිබ්බෙ...
SCB එකේ අපිව කවුරුත් වැඩිය දන්නෙ නෑ...

සර් දැන් එතකොට පාලිතට මොකද කරන්නෙ ?
සිවකුමාර් විමසීය..

පාලිතව රිලීස් කරමු...

හර්ශ මහානාමගේ ඒ වචනය සියල්ලන් බලාපොරොත්තු නොවූ දෙයක් විය... තප්පර කිහිපයක් යනතුරු පැවතියේ නිහඩතාවයකි.. සියල්ලන්ම පුදුමයෙන් හර්ශ දෙස බලා සිටියේ මවිතයෙනි..

ඒත් සර් ඇයි අපි එහෙම කරන්නෙ? සාක්ශි එක්කම අපි එයාව අල්ලගත්තා...නිහඩතාවය බිදිමින් සිවකුමාර් විමසීය..

සිවා ....

ඔව් සර්...

පාලිත කියන්නෙ දරුපවුලක් තියෙන කෙනෙක් ..මං දන්න විදිහට ගැහැණු ලමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්...මේ වෙලාවෙ අපි මේ ප්‍රශ්නෙ ඇදලා පාලිතට පනිශ්මන්ට් දුන්නොත් ඒ ලමයි දෙන්නාට ලැජ්ජ වෙන්න වෙන්වා.. මොකද අනිවාරෙන් media මේ කේස් එකට අතගහනවා...ඉතින් මේ වෙලාවෙ අපි පාලිතට සමාවදෙමු...මොකද ගජවීර ඇමති එක්ක හැප්පෙන්න පාලිත වගේ කෙනෙක්ට කොහොමත් අමාරුයි.. ඉතින් මේ වගේ වෙලාවක ඇමති කියන එකක් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ පාලිතට...

සර් කියන දේ ඇත්ත සර්... ගැහැණු ලමයෙක් ලැජ්ජ වෙනවා කියන්නෙ ඒ ලමයගෙ ජීවිතේට ඒක ගොඩක් බලපානවා...සත්‍යා හර්ශගේ කතාව අනුමත කලාය...

සිවා මගේ තීරණයට ඔයාලගේ අකමැත්තක් එහෙම තියෙනවද?

ඉල්ලෙ සර් ඉල්ලෙ ..සර් කියපු දේ මම පිලිගන්නවා...
මොකද සර් මටත් තංගච්චි ඉන්නවා...

සිවා එහෙනම් අපි හෙට මේ ගැන කතාකරමු.. කොහොමත් අර ඇමතියගෙ මිනිස්සුන්ව හෙට මෙහෙ තියාගන්න වෙන්වා..උසාවි දාන්න බැහැනෙ සදුදා වෙනකම්..... අද Night කවුද ඉන්නෙ?

මමයි සෆ්‍රාස් සරුයි හෙඩ්ශොට සර් යි... සත්‍යා පැවසීය...

එහෙනම් අනිත් අය දැන් යන්න...

සර් මම හෙට නිවාඩුවක් දාලා තියෙන්නෙ..
සත්‍යා පැවසීය..

මාත් කොහොමත් එන්නෙ හෙටින් පස්සෙ ආපහු monday තමයි...
සිවා...

ඔව් සර්

හෙට පොඩ්ඩක් බලන්න ....ඇමතියගෙ මිනිස්සු එයි... මොනවාමහරි අවුලක් උනොත් මට කෝල් එකක් ගන්න...

Ok sir අපි එහෙනම් යන්නම්... සිවකුමාර් සහ අශේන් හර්ශ හට ආචාරකොට පිටවගිය අතර සෆ්‍රාස් සහ හෙඩ්ශොට් ද තම තමන්ගේ කටයුතු සදහා පිටව ගියහ..හර්ශගේ කාර්‍යාලයේ ඉතිරිවූයේ සත්‍යා පමණි..

සත්‍යා... ඔව් සර්...

ගිහින් පාලිතව එක්කන් එන්න...

IP පාලිතව? මේ දැන්ම?
සත්‍යා පුදුමයෙන් විමසීය...

ඔව් මේ දැන්ම...

සත්‍යා හර්ශගේ කාර්‍යාලයෙන් පිටවගිය අතර හර්ශ තම දුරකතනයෙන් ඇමතුමක් ගත්තේය..

" හෙලෝ.... ජයවර්ධනපුර හොස්පිටල් කාඩියොලොජි යුනිට් එකට දාන්න "




Comments

Popular posts from this blog

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ