đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

👣C.R.E.A.T.O.R දහසය වන දිගහැරුම👣

සත්‍යා හර්ශගේ කාර්‍යාලයෙන් පිටවගිය අතර හර්ශ තම දුරකතනයෙන් ඇමතුමක් ගත්තේය..

" හෙලෝ.... ජයවර්ධනපුර හොස්පිටල් කාඩියොලොජි යුනිට් එකට දාන්න "

*******************************

මද වේලාවක් යත්ම හර්ශගේ කාර්‍යාලයේ දොරට තට්ටු කරන හඩක් ඇසිණ..

පාලිත ඇතුලට ඇවිත් ඉදගන්න...
සත්‍යා

සර්

ඔයා දොරවහගෙන පොඩ්ඩක් එලියෙන් ඉන්න..

Ok සර්...

පාලිත හර්ශ ගේ කාර්‍යාලය තුලට ඉතා හෙමින් ඇවිද ගිය අතර සත්‍යා හර්ශගේ කාර්‍යාලයේ දොර වසා දැමීය.

සර් දොර වහගෙන මොනවා කතා කරනවද මන්දා..
සත්‍යා තනිව සිතීමට විය.. ඇය මිනිත්තු 15 ක් පමන දොර අසලට වී ඔබ මොබ පිය නැගූ නමුත් දොර විවර වන සේයාවක් නොවූයෙන් අසල තිබූ බංකුවක් මත් හිදගත්තාය..

මිනිත්තු හතලිහකට පමන පසු දොර විවර වූ අතර බලාපොරොත්තු සහගත බැල්මක් සමගින් දොරටුවෙන් පිටතට පැමිනියේ පාලිත ය.. සත්‍යා නැගිට ඔහුදෙස බලා සිටි අතර ඔහු පැමිණ සත්‍යා අසල නතර විය...

සත්‍යා .... ඔහු සත්‍යා හට ඇමතීය..

සත්‍යා පුදුමයෙන් ඔහු දෙස බලමින් තම හිස සැලීය..

මට සමාවෙන්න සත්‍යා... මේ ඔක්කොම වැරදි මගේ අතේ.. ආපහු මගෙන් කිසිම බාධාවක් නෑ .. මම යනවා හිටපු තැනටම ... එසේ කියූ ඔහු ආපසු හැරී පොලිස් නේවාසිකාගාරය දෙසට පියනැගීය..

සත්‍යා ඔහු නොපෙනීයන තුරු ඔහු දෙස බලා හිද නැවතත් හර්ශ ගේ කාර්‍යාලය තුලට ගියාය..

හර්ශ සර් ... සත්‍යා පුදුමයෙන් විමසීය...

ඔව් කියන්න සත්‍යා... හර්ශ ලිපිගොනු පෙරලමින් පිලිතුරු දුන්නේය..

අර මනුස්සයට මොකද්ද කලේ.?

මොන මනුස්සයටද ?

අර ..අර පාලිත ට

මම මුකුත් කලේ නැහැ සත්‍යා ඇයි?

පාන්දර තුනට හිටපු මනුස්සයා නෙවෙයි දැන් ගියේ..උපාසකයෙක්නෙ...

හර්ශ ගේ මුවින් සිනහවක් පිටවූ අතර ඔහු හිස ඔසවා සත්‍යා දෙස බැලීය..

දන්නවද සත්‍යා... ඕනම කෙනෙක්ට මනුස්සගතිගුන තමයි තියෙන්නෙ.. ඒත් සමහර ප්‍රශ්ණ නිසා එයාලට කරන්නම දෙයක් නැති උනහම... නොමිනිස්සු බවට පත්වෙනවා...අන්න ඒකයි ඇත්ත...ඒ ගැන වැඩිය හිතන්න එපා සත්‍යා...
දැන් පහත් පහු වෙලා ඔයා යන්න... අම්මා බලාගෙන ඇති....හ්ම්ම්

හරි සර් මම එහෙනම් යන්නම්... සර් පාකිස්තානෙ ඉන්නකොට උන දේවල් කියන්න හොදේ ... ...

හරි හරි පස්සෙ කියන්නම් දැන් වදයක් නොවී යනවා.. හර්ශ සිනහසෙමින් කීය...

සත්‍යා ආචාරකොට පිටව ගිය අතර හර්ශ ඇමතුමක් ලබාගත්තේය.. මිනිත්තු කිහිපයක් යන විට සෆ්‍රාස් සහ හෙඩ්ශොට් හර්ශගේ කාර්‍යාලය වෙත පැමිනියහ.. දැන් අජිත් ට අජිත් කියලා කවුරුත් කියන්නෙ නැද්ද ? හර්ශ සිනහසෙමින් පිලිතුරු ඇසීය...

බලන්න සර් ... සර් ගෙ නම හර්ශ...මූ නම් කොහොමත් සරපරාස්.. හෙඩ්ශොට් කියාගෙන යන විට බාදා කල සෆ්‍රාස්... සරපරාස් බලපං කලිසම ගලෝලා... ඒ වාක්‍යට හර්ශට මෙන්ම හෙඩ්ශොට් හටද සිනහ පහල විය...

ඉන්නකො මම කියලා ඉවරකරනකම් හෙඩ් ශොට් පැවසීය.. දැන් අපේ යන්ග් ඔෆිසර එතකොට අශේන්.. ඊට පස්සෙ සත්‍යා නංගී..හැමෝටම තියෙන්නෙ ලස්සන නම් නෙ සර් ... බලන්න මගේ නම අජිත් ... ආදි කාලෙ නමක්... ඒ නමට වඩා නම් හෙඩ් ශොට් ලස්සනයි සර්....

හර්ශ නැවතත් සිනහසුන අතර... සෆ්‍රාස් සහ හෙඩ්ශොට් ද සිනහසෙමින් සිටියහ..

මේ හිනාව නම් මට මිස් උනා පාකිස්තානෙ දි...මාරම හීතලක් තිබ්බෙ සෆ්‍රාස්....

ඔව් සර් ගිහින් තිබ්බෙ හීතලම පැත්තකට..ඉතින් සර් ඇයි අපිට හදිසියෙම එන්න කිව්වෙ...?

සෆ්‍රාස් හෙඩ්ශොට් .. මොකද්ද මේ මේජර් ගෙ කේස් එක ... මේජර් අජිත් සේනාධි විතානආරච්චි ...

සර් ඒක මෙහෙට ඇවිල්ලා දැන් මාස එකහමාරක් වෙනවා... සෆ්‍රාස් පිලිතුරු දෙමින් පැවසීය...මේජර් අතුරුදන් වෙලා.. කේස් එක මෙහෙට එනකොටත් මේජර් අතුරුදන් වෙලා මාස තුනක් වෙන්වා ..

ඒ කියන්නෙ සෆ්‍රාස් දැනට මාස හතරාමාරක් පහක් විතර වෙනවනේ... තාම කිසිම තොරතුරක් නැද්ද?

නැහැ සර් .. කිසිම තොරතුරක් නැහැ..

අනික සර් පාලිත බණ්ඩාර මොකක් හරි හේතුවක් නිසා මේක යට ගැහුවා.. මං හිතන්නෙ ඕක මොනවාහරි ලොකු තැනකට සම්බන්ධයි සර්..නිහඩව සිටි හෙඩ්ශොට් පැවසීය..

ෆයිල් එක කොහෙද තිබ්බෙ සර්.. සෆ්‍රාස් විමසීය.

මේසෙ උඩ තිබ්බෙ.. සෆ්‍රාස් ඒක දැකලයි මට හෙඩ්ශොට්ගෙ නම මතක් උනේ...

හෙඩ්ශොට් සෆ්‍රාස්... අපි මේ කේස් එක ගැන මුල ඉදන් බලමු සදුදා ඉදන්...

ඔව් සර් ඒක නම් ඇත්ත... මේ මනුස්සයා ගොඩක් හොද ඔෆිසර් කෙනෙක් ඒ වගේම හොද ලස්සන පවුල් පසුබිමක් තියෙන කෙනෙක්...හෙඩ්ශොට් පැවසීය...

එහෙනම් ෆයිල් එක අදිමු සදුදට මාත් එහෙනම් යනවා .. හෙඩ්ශොට් මාව දානවද.. වාහනේ ගෙදර .. හර්ශ අසුනින් නැගිටිමින් කීය..

හරි සර් යමු එහෙනම්.. සෆ්‍රාස් සදුදට හම්බවෙමු...

හරි සර් අනිවාරෙන් ...

හර්ශ සහ හෙඩ් ශොට් පිටව ගිය අතර සෆ්‍රාස් ද කාර්‍යාලයෙන් පිටව ගියේය..

වාහනයේ ගමන් ගන්නා අතරතුර දිගින් දිගටම හෙඩ්ශොට් සහ හර්ශ කතා කරනු ලැබුවේ හර්ශගේ පාකිස්තාන මෙහෙයුම පිලිබදව ය..

සර් ලා ගියේ ට්‍රේනින්ග් එකකට කියලා තමයි අපිට කිව්වෙ...

මුලු ඩිපාර්ට්මන්ට් එකම දන්නෙ එහෙම තමයි . කවුරුත් දන්නෙ නැහැ අපි ගියෙ කුඩු ජගත් ව අල්ලන්න කියලා...

හැබැයි දන්නෙ නැති උන එක හොදයි සර් .. දන්නවනම් අනිවරෙන්ම කවුරුමහරි අපේ එකෙක් සල්ලි වලට ඕක කියනවා... ඒත් සර් කුඩු ජගත් පැන්නෙ ඉන්දියාවට කියලනේ අපි දන්නෙ..

ඔව් බං එහෙම තමයි හැමෝම හිතුවෙ... DIG ඕනකමින්මයි මීඩියා වලට කිව්වෙ ඉන්දියාවේ කියලා..මම DIG ට කිව්වා මූ ඉන්නෙ පකිස්තානෙ කියලා කිව්වොත් වැඩේ අමාරු වෙනවා තව රටකට පනි කියලා...කොහොමත් මූ නම වෙනස් කරගෙන මුලින්ම ඉන්දියාවට තමයි ගිහින් තිබ්බෙ...බෝඩර් එක හරහා තමයි පාකිස්තානෙට ගිහින් තිබ්බෙ...

පුදුමයි සර් මූ බෝට්ටුවෙන් ගියෙ නැති එක...

විකාරද බං ... අරහෙ නේවි එකෙන් මුලු ඒරියා එකම සර්ච් කරනවා ... මේ දවස්වල යුද්ධෙ ටිකක් දරුණුවට යනවා....
මං යන්න කලින් තිබ්බ අන්තිම meeting එකේදි president කිව්වා කිසිම විදිහකින් ගේම අතාරින්නෙ නෑ කියලා...මේ පාර නම් ප්‍රභා ඉවරයි බං... අපේ ආමි එක මොරාල් පිට ඉන්නෙ... මටත් හිතුනා බං එහෙට ට්‍රාන්සර් වෙන්න..

එතකොට සර් අනිත් කේස් විසදන්නෙ කවුද? හෙඩ් ශොට් සිනහසෙමින් පැවසීය...

ඒකට තමයි දැන් උබලා හැදිලා ඉන්නෙ බං...හර්ශ සිනහසෙමින් පැවසීය..

ඔන්න එහෙනම් මම බහිනවා බං.. සදුදා හම්බවෙමු..

හරි සර්.....

හෙඩ් ශොට් හර්ශ හට සමුදී පිටවගිය අතර හර්ශ තම නිවසෙහි ගේට්ටුව විවර කරගෙන තම නිවසෙහි දිරටුව අසලට ගොස් සීනුව නාද කිරීමට සැරසෙනවාත් සමගම හර්ශගේ දුරකතනයට පනිව්ඩයක් පැමිනීමේ හඩ නාද විය.. හර්ශ තම දුරකතනය ගෙන පනිව්ඩය පිරික්සා බැලූ අතර එහි මෙසේ සටහන් වී තිබින..

"Aiye Amma Nidi...aherunoth okkoma suprise winaasayi... mama anakam ohoma inna wenawaa... punishment hondee...mage ninda kaduwata..."

එම ප්ණිවිඩය එවා තිබුනේ හර්ශගේ නැගණිය විසිනි...

****************************
සත්‍යාගේ කාර්‍යාලයේ දොරටුවට තට්ටු කරන හඩක් ඇසුනු අතර මදකට තම කතාව නතර කල සත්‍යා තම හඩ අවදි කලාය...

එන්න රසිකා...
කොහොමද තත්වෙ හොයාගත්තද?

මැඩම් .. සිවකුමාර් සර්ව නම් හොයාගත්‍තා... ඒත් අනිත් අයව නම් බැරි උනා තාම...

කමක් නෑ රසිකා ඒ ඇති ඉක්මන්ට යමු දුශාන් .. අපිට රුවන්වැල්ලට යන්න වෙන්වා... රසිකා ඔයත් නගින්න ඉක්මන්ට රෙඩි වෙලා ඇවිත් හැමෝටම මිනිත්තු පහලවක් දෙන්නම්...මම යනගමන් ඉතිරිටික කියන්නම් දුශාන්

රසිකා පිටව ගිය අතර දුශාන් සත්‍යා ඇමතීය...

ඇත්තටම මැඩම් මම හරි ආසවෙන් ඒක අහන් හිටියෙ...

හර්ශ සර් ගැන කතා කරන්න අපි හැමෝම ආසයි දුශාන්... සත්‍යා හැගුම්බරව පවසා කාර්‍යාලයෙන් පිටතට ගියාය...

පැය බාගයකට පමන පසු තිදෙනා ගමන් ආරම්බ කර තිබූ අතර දුශාන් නිහඩ බව බිදිමින් තම හඩ අවදි ක්ලේය..

මැඩම් එතකොට මේ මැරුණු IP ව නේද එදා අවුරුදු හතරකට කලින් හර්ශ සර් නිදහස් කලේ... ?

හර්ශ සර් ගෙ හිත උණු වෙලා එදා ඌව නිදහස් නොකලා නම්... අනේ අදටත් හර්ශ සර් ජීවතුන් අතර දුශාන්...

එතකොට ඒ මිනිහා කොහොමද මැඩම්.......

දුශාන් දුශාන් ... මම දන්නවා ඔයාට පැහැදිලි නැතුව ඇති ... ඉන්න මම පැහැදිලි කරන්නම්...

එදා මම අයියට කිව්වට මැසේජ් එක දාලා ... ගේ ඇතුලට එන්න එපා කියලා.. හැබැයි තව විනාඩියක් පහු උනා නම් අයියා අනිවාරෙන් බෙල් එක ගහනවා...

අයියා.....? මොකද්ද සත්‍යා මැඩම් මේ අයියා.. කතාව ? දුශාන් පුදුමයෙන් විමසීය.

කට කොනකින් සිනහසුනු සත්‍යා... දුශාන් දෙස බලා තම හඩ අවදිකලාය..

හර්ශ මහානාම කියන්නෙ මගේ එකම අයියා දුශාන්...මේ ලෝකෙ ඉන්න හොදම අයියා... සත්‍යාගේ දෙඇස් වලින් කදුලු කැට කඩා වැටෙන්නට විය.

මැඩම් අඩනවද ? රසිකා විමසීය...

මැඩම් මේ කතාව ඒ තරම් අමාරු නම් අපි මේක නවත්වමු...දුශාන් පැවසීය..

නෑ දුශාන්.. රසිකා මට ප්‍රශ්නයක් නෑ.... ඒත් අයියව මතක් වෙද්දි නිතරම මෙහෙම වෙනවා...මොකද අපි දෙන්නගෙම පොඩි කාලෙ මතක් වෙද්දි..

අයියටවත් මටවත් මේ ලෝකෙ කවුරුත් ම නෑ දුශාන්...
අපි දෙන්නම හැදුනේ එකම ලමා නිවාසෙ.. අපේ අම්මලගෙ නම් වත් අපි දන්නෙ නෑ...මට මාස තුනක් වෙද්දි තමයි ලමා නිවාසෙට මාව ලැබිලා තියෙන්නෙ...එතකොට අයියට අවුරුදු 5 යි ... එයා මට පොඩි කාලෙ ඉදන්ම ගොඩක් ආදරෙයි...
අපේ ලමා නිවාසෙට සමහර දවස් වලට කෑම ලැබෙනවා අඩුයි... අයියට ලැබෙනවා පාන් පෙති දෙකකුයි කෙසෙල් ගෙඩියකුයි ඉස්කෝලෙ යනකොට.. එතකොට මට අවුරුදු තුනක් විතර ඇතිලු.. අයියා කවදාවත් ඒ කෑම ඉස්කෝලෙදි කන්නෙ නෑ... අයියා වතුර බීලා බඩ පුරෝගෙන එනවා... දවල්ට කෑම ලැබිලා නම් විතරක් එයා කනවා මාත් එක්ක බෙදාගෙන, පානුයි කෙහෙල් ගෙඩියයි...නැත්තම් එයා ඒක මට කවනවා... එයා කන්නෙ කෙහෙල් ගෙඩියෙන් බාගයක් විතරයි ...

ඒ කාලෙ මම බතලියෙක් වගේ දුශාන්... ඒත් මගෙ අයියා... කෙට්ටුම කෙට්ටුයි...අයියා පොඩි කාලෙ ඉදන් මට සීරීමක් වත් වෙන්න ඉඩ තියලා නෑ...

එතකොට මැඩම් අම්මා කියන්නෙ කාටද? දුශාන් විමසීය..

පොඩි කාලෙ ඉදන් අපි දෙන්නගෙන් කවුරුත් ම කැමති උනේ නෑ කවුරුත් අපිව හදාගන්න අරන් යනවට.. ලමා නිවාසෙ අපිව බලාගත්තු අම්මා අසනීප උනා... එතකොට අයියා ඒ ලෙවල් ඉවර වෙලා උපාධිය කරන ගමන් ... ලොකු දෙන්නෙක්ට හිටියෙ මායි අයියයි විතරයි...අම්මා ඒ ලමයින්ව වෙන ලමානිවාසයක් එක්ක ජොයින් කලා.. අපි මායි අයියයි අම්මව බලාගත්තා...

අම්මා ගොඩක් සල්ලි තියෙන පවුලක එකම දරුවා.. ඒත් ඒ කාලෙ උන ප්‍රශ්නයක් නිසා කවදාවත් කසාද බැදලා නෑ...ඉතින් අම්මා මගෙයි අයියගෙයි නමට එයාගෙ දේපළ ඔක්කොම පැවරුවා... ඒත් අයියා ඒකට විරුද්ධ වෙන නිසා කවදාවත් ඒ ගැන අයියට කිව්වෙ නෑ...

දුශාන් ඔයාට හිතාගන්න පුලුවන් ද තමන්ගෙම අයියා නැතිවෙනකොට තියෙන වේදනාව ගැන...ඒ වෙදනාව කවදාවත් අමතක කරන්න බෑ දුශාන්..
අර පරබල්ලාගෙ මිනිය දකිනකොට මට මාර සතුටක් ඇති උනේ......

කවදාවත් නොකිව්වට ... අර ලෝයස්ලා දෙන්නා මැරුණ වෙලාව්ව්ත් මම ගොඩක් සතුටු උනා... මොකද මං හැමදාම ප්‍රාර්ථනා කලේ ඕකුන් දෙන්නට හෙන ගහන්න කියලා.......


Comments

Popular posts from this blog

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ