đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

👣C.R.E.A.T.O.R දහ අට වන දිගහැරුම👣

පියසෝම , පියල් ට කියලා මට කෝපි එකක් ගේන්න.. හර්ශ පැවසීය. එම නිලධාරීයා ආචාරකොට නැවත පිටවූ අතර හර්ශ දෙස එක එල්ලේ බලාසිටි ප්‍රභූවරයා දෙස බැලූ හර්ශ මද සිනහවකින් ඔහුට සංග්‍රහ කලේය..

ඉතින් ඇමතිතුමා...
ඔබතුමා මොකද මේ පැත්තේ...?

ASP හර්ශ මහනාම...
නම අහලාතිබුනට දැක්කෙ අදනේ....
ඇමතිවරයා තම හඩ අවදි කලේය..

අපි නම් ඔබතුමාව නිතරම වගේ දකිනවා...
හැබැයි... ටීවි එකෙන්.. නේද සිවා...

හර්ශ, ASP කෙනෙක් උනාට ගොඩක් තරුණයි නේද?
ඒ තරුණ ජවය නිසා වෙන්න ඇති හිතුමතේ වැඩ කරන්නෙ...

තරුණ ජවය නම් තියෙනවා..
ඒත් ඇයී ඔබ තුමා ..
මම ... හිතුමතේ වැඩ කරන්වා කියලා කියන්නෙ?

මීට කලින් හිටපු අය කවුරුත් මගේ මිනිස්සුන්ට අත තියලා නෑ මහනාම මහත්තයො..
ඇමතිවරයා අවදාරනාත්මකව කීය..

සමහරවිට ඇමතිතුමා...
දන්නෙ නැතුව ඇති මම හිතන්නේ...
මම මෙහෙට ඇවිත් අවුරුදු දෙකකට වැඩී..

වෙන්න ඇති...
ඉතින් ඒ අවුරුදු දෙකටම මගේ කෙනෙක්ව ඇතුලට දාපු පලවෙනි වතාව මේක...

අපෝ නෑ සර් මේක පලවෙනි වතාව නෙවෙයි..

එහෙනම් ඇමතිවරයා කුතුහලයෙන් විමසීය..

අවුරුදු පහකට කලින් මම S.I කෙනෙක් වෙලා ඉදපු අන්තිම වතාවෙත්...මම සර්ගෙ ගෝලයෙක්ව අල්ලලා ඇතුලට දැම්මා..
මතකද දන්නෙ නැහැ සර් ට ..
මොකද්ද නම.....මේ.... ජෙෆ්‍රි ඇන්තනි....

එම නාමය පැවසූ විගසම ඇමතිවරයා ගේ මුහුණ අදුරුවූ අතර ඔහු මද සිනහවක් පා නැවත හඩ අවදි කලේය..

මහනාම....
අපි දැන් කාරණයට එමු...
සුසන්තව අතාරින්න .. උගේ ගෝලයෙක් වරද පිලිගන්න ලෑස්තියි..හර්ශට ඕන උදව්වක් මම කරන්නම්.. ඕන දේ මම දෙන්නම්..

බැහැ...

මම හිතන්නෙ මම කිව්ව දේ හර්ශට තේරුනේ නෑ ..

ඇමතිතුමා ...
ඔබතුමා මෙතනින් යන එක තමයි සුදුසු...
මොකද ඔබ තුමා ඔය කතා කරන්නෙ වෙන්නෙ නැති දෙයක් ගැන...

හර්ශගේ පිලිතුර නිසා කෝපයට පත් ඇමතිවරයා ඉතා තර්ජනාත්මකව ඝර්ජ්නා කරමින් අසුනින් නැගී සිටියේය..

මහානාම...
තමුසෙ දන්නවද මම කවුද කියලා... ?

ඇමතිවරයා ගේ හැසිරීමෙන් කෝපයට පත් වූ හර්ශ තම අසුනින් නැගිට කෝපයෙන් ඇමතිවරයා හට පිලිතුරු දුන්නේය.

දිසානායක ආරච්චිලාගේ ගජවීර සපුමල් දිසානායක .
.ප්‍රාතමික අධ්‍යාපනය නුවර ගැමුනු මහා විද්‍යාලය...
ඒ වගේම දෙකේ පන්තියේදි ලමයෙක්ට ගහලා ඉස්කෝලෙන් අස්කරනවා...
පස්සෙ ලොකුකමට තාත්තා ප්‍රින්සිපල්ට ගහනවා.. හැමොටම පේන්න ඔබතුමාව රෝයල් එකට දානවා.. ඔබතුමා ඒලෙවල් තියා ඕලෙවල් වත් හරියට පාස් නෑ...
ඒ තමයි ඔබතුමා....
මම හරිද?......
හර්ශගේ වාග් ප්‍රහාරය හමුවේ මවිතයට පත්වී බලා සිටි ඇමතිවරයා තර්ජනාත්මකව හර්ශගේ මුහුණ දෙස බැලීය...

හර්ශ නැවතත් තම හඩ අවදි ක්ලේය...
ඔබ තුමා දන්නවද මම කවුද කියලා....?
මම තමයි නීතිය රකින කෙනා...

නිහඩව සිටි ඇමතිවරයා තම හඩ අවදි කිරීමට විය..තමුන් බලන් ඉන්නවා.. මම ඩිෆෙන්ස් සෙකට්‍රිට කියලා තමුන්ට කරන දේ...

ඇමතිවරයා ගේ වචන හමුවේ...
හර්ශ කොක් හඩලා සිනහසෙමින් තම මේසය අසලට ගිය අතර හර්ශගේ සිනහව දෙස සියල්ලන්ම බලා සිටියේ මවිතයෙනි...
හර්ශ තම මේස ලාච්චුව විවරකොට එයින් ගත් යම් ලිපියක් ඇමතිවරයා අතට දුන් අතර එය දුටු ඇමතිවරයා මවිතවී කරකියාගැනීමට දෙයක් නොමැතිව ඉවත බලා ගත්තේය..

දැක්කනෙ ඇමතිතුමා ...
කෙලින්ම ඕඩර් එක මට ඇවිත් තියෙන්නෙ ඩිෆෙන්ස් සෙකට්‍රිගෙන්...
ඔබතුමා කියන්නෙ ඒ ඕඩර් එකට පිටින් යන්න කියලද...
අනික මම දන්න විදිහට ඔබ තුමා මේ ඩිෆෙන්ස් සෙකට්‍රි එක්ක පොඩි ප්‍රශ්නයක් දාගෙන ඉන්නෙ.. හැමෝම කියනවා ඔබතුමා ආණ්ඩුවෙන් එලියට බහී කියලා...
ඉතින් ඇමතිතුමා ...
මේ තත්වෙ උඩ කිසිම ඇමතිවරයෙක් ඔබතුමා වෙනුවෙන්.. මේ තරම් ස්ට්‍රෝන්ග් ආණ්ඩුවකට එරෙහි වෙන්නෙ නෑනේ...
එහෙම බැලුවොත් ඉතින් ඔබ තුමාට කිසිම බලයක් නෑ...

හර්ශ ඇමතිවරයා දෙස කට කොනකින් සිනහසෙමින් තීව්‍ර ලෙස ඔහු දෙස බලා ගෙන පැවසීය ..
හර්ශගේ වචන හමුවේ සම්පූර්ණයෙන් නිරුත්තර වූ ඇමතිවරයා තම අතෙහි තිබූ නියෝග සහිත ලියවිල්ල හර්ශ ගේ මෙසය මතින් තැබීය..

ඒ අවස්තාවේදීම කාර්‍යාලය තුලට නිලධාරියෙකු පැමිනියේ කෝපි කෝප්පයක් අතැතිවය..

එක්ස්කියුස් මී සර්... සර්ගේ කෝපි එක ගෙනාවා..

පියල් ඒක මට නෙවෙයි ඇමතිතුමා ට දෙන්න.. එතුමගේ තොලකට වේලිලා..
හර්ශ කට කොනකින් සිනහසෙමින් පැවසීය..

ඒ වදනත් සමගම හර්ශ දෙස රෞද්‍ර ලෙස බැලූ ඇමතිවරයා කාර්‍යාලයෙන් පසු නොබලා පිටවී ගියේය...

හර්ශ ඇමතිවරයාගේ පිටවීම කිසිදු තැකීමක් නොකර පියල් අසලට ගොස් තම කෝපි කෝප්පය අතට ගෙන එක හුස්මට බීගෙන ගිය අතර එය නැවත පියල් ගේ අතට දී තම හඩ අවදි කලේය..

හැමෝම තම තමන්ගෙ වැඩ වලට යන්න .. මෙතන තොරණ් පෙන්වන්නෙ නෑ

එතැන් රැස්ව සිටි නිලධාරීන් සියලුම දෙනා පිටව ගිය අතර සෆ්‍රාස් සහ සිවකුමාර් පමනක් ඉතිරිවිය..

සර් ...

කියන්න සෆ්‍රාස් ...

ගජවීරට උන්හිටිතැන් අමතක උනා සර්..

ඒක නම් ඇත්ත සෆ්‍රාස් ..සිවකුමාර් සෆ්‍රාස් ගේ කියමන අනුමත ක්ලේය..

මද සිනහවක් පෑ හර්ශ .... නිහඩවම ලිපිගොනුවක් පෙරලමින් සිටියේය..

සර් කොහොමද ඩිෆෙන්ස් සෙකට්‍රිගෙන් ඔඩර් එකක් ගෙනාවෙ..සෆ්‍රාස් විමසීය..

සෆ්‍රාස්... අපි පාකිස්තානෙට යන්න කලින් සෙකට්‍රි අපිව වෙනමම හම්බවෙලා අපේ හැම බ්‍රාන්ච් එකකටම ඩිරෙක්‍ට් ඔඩර් එකක් දුන්නා..පාතාලෙ කියන නම ගෑවුන හැම කෙනෙක්වම ඇතුලට දාන්න කියලා... ඉතින් එහෙම තමයි මේක ලැබුනේ...

එතකොට සර් ගජවීරගෙ විස්තර...එවර විමසුවේ සිවකුමාර් ය..

මම එනගමන් මීඩියා එකේ මම දන්න ජනලිස්ට් කෙනෙක්ට කෝල් කලා බං ... ඌ තමයි මට කිව්වෙ.. හර්ශ සිනහසෙමින් පැවසීය...
සිවා මම එහෙනම් ගිහින් එන්නම්..උදේට අපි හම්බවෙමු ....

හරි සර් ... එහෙනම් උදේට හම්බවෙමු...

සෆ්‍රාස් සිවා ගුඩ් නයිට් එහෙනම් හෙට ඉදන් ටිකක් වැඩ වැඩිවෙයි අපිට... එසේ කියූ හර්ශ හට සෆ්‍රාස් සහ සිවකුමාර් ආචාරකල අතර හර්ශ සිනහ සී පිටත්ව ගියේය....

Comments

Popular posts from this blog

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ