đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

👣C.R.E.A.T.O.R දහහත් වන දිගහැරුම👣

කවදාවත් නොකිව්වට ... අර ලෝයස්ලා දෙන්නා මැරුණ වෙලාව්ව්ත් මම ගොඩක් සතුටු උනා... මොකද මං හැමදාම ප්‍රාර්ථනා කලේ ඕකුන් දෙන්නට හෙන ගහන්න කියලා.......

එතකොට මැඩම් උන් දෙන්නත් මේකට සම්බන්ධයි ද? දුශාන් කිසිවක් සිතාගත නොහැකිව විමසීය..

දුශාන් ... මම හැමදේම කිව්වට පස්සෙ ඔයාට තේරෙයි මේවා කොහොමද උනේ කියලා?

හරි මැඩම් .... ම්ම්ම් එහෙනම් කියන්න.. මට ඒක දැනගන්නකම් නින්ද යන එකක් නෑ...

******************************
සිව් වසරකට පෙර

"Aiye Amma Nidi...aherunoth okkoma suprise winaasayi... mama anakam ohoma inna wenawaa... punishment hondee...mage ninda kaduwata..."

එම පණිවිඩය එවා තිබුනේ හර්ශගේ නැගණිය විසිනි...

හර්ශ නොඉවසිල්ලෙන් පසුව නිවසේ සීනුව නාද කිරීමට සැරසෙනවාත් සමග ම නිවසේ දොරටුව විවර විය... එය විවර කරනු ලැබුවේ සත්‍යා විසිනි..

සර් එන්න පරක්කුයි...සත්‍යා සිනහවක් නගාගනිමින් පවසා තප්පර කිහිපයක් හර්ශ දෙස බලාහිද එක්වරම හර්ශව වැලදගත්තේය..

අයියේ මාස හයකට පස්සෙ ඔයා ආවෙ... මම පුදුම පාලුවකින් හිටියෙ අයියා නැතුව..අම්මත් පිස්සුවෙන් වගේ අයියා ගැනමයි කියෙව්වෙ...සත්‍යා හර්ශ ට තුරුලු වී පැවසීය...

ඔයාලව මට මතක් උනේ නෑ කියලද කියන්නෙ?
හැමදාම මම ඔයාලාව මතක් කර කර හිටියෙ..
අනිත් එක මගේ නංගී දැන් පොලිසියේ ඔෆිසර් කෙනෙක් මොකටද මම බය වෙන්නෙ?

සත්‍යා හර්ශගෙන් මිදී සිනහසෙමින් නැවත ඔහුගේ මුහුණ දෙස බැලීය..

එහෙ සර් ඔයා උනාට අයියේ... මෙහෙ මැඩම් මම දැන් ගිහින් වොශ් එකක් දාගෙන එන්න මම තේකක් හදන්නම්.. සද්ද බෑ.. හැබැයි .. අම්මා ඇහැරුනොත් ඔක්කොම විනාසයි...සප්‍රයිස් කුඩු...

හර්ශ සිනහවක් පාමින් තම දබරගිල්ල තොල් හරහා තබා නිහඩතාව පෙන්වා.. තම කාමරය වෙත ගියේය..

සත්‍යා තම නිවසෙහි දොරටුව වසා දමා මුලුතැන්ගෙය වෙත පිවිසියාය..

......................

හර්ශ නා පිරිසිදුවී හැද පැලදගෙන මුලුතැන්ගෙය වෙත යන විට එහි හර්ශ හට පිටුපා හර්ශ ගේ මව වාඩි වී සිටි අතර සත්‍යා ද තේ පිලියෙල කරමින් සිටියාය.. හර්ශ ව දුටු සත්‍යා තම හඩ අවදි කලාය..

අම්මා හෙට අම්මාගෙ උපන්දිනේ ... ඉතින් අම්මාගෙ තෑග්ග මම අදම දෙන්න හිතුවා..

ඒ මොකද්ද දරුවො ඒ ? මව සිනහසෙමින් විමසීය...
අයියා නැතුව මට මොන තෑගිද දරුවෝ.. පුතා හරියට කනවා බොනවද කියලවත් දන්නෙ නෑ මං... දුවේ අයියා පොඩිකාලේ ඔයා කනවද කියලා දන්නෙ නැතුව කාලා වත් නෑ.. මව ඉකිබිදිමින් කදුලු සලන්නට විය...

අනේ අම්මා ආයෙත් අඩන්න ගත්තා.. කෝ ඔලුව උස්සන්න බලලා ඉන්න මගේ තෑග්ග ප්ලීස් අර බලන්න...සත්‍යා මව ව තම අතින් වාරු කර හර්ශ දෙසට හැරවීය..

අඩමින් සිට බොදවූ දෑස් අතරින් හර්ශ ගේ මුව දුටු මව ගේ සතුට නිම්හිම් නැති විය... මගේ පුතා..ඇයට නිරායාසයෙන් ම කියවිය... හර්ශ මවගේ ලගට විත් මව ව වැලදගත් අතර සත්‍යාද එයට එකතු විය...

.............................................

පුතා කිව්වෙවත් නැහැනෙ එන කතාවක්...

අම්මා තියා අපි දන්නෙත් ඊයේ රෑ.... සත්‍යා නොරිස්සමින් කීය..
කෙලින්ම ආවෙ රේඩ් එකකට...
මහ රෑ...

ෆ්ලයිට් එකෙන් බැහැලා තියෙන්නෙ කෙලින්ම හොරු අල්ලන්න අම්මෙ...

සත්‍යා ගේ වදන් වලට සිනහසෙමින් හර්ශ සහ මව තේ පානය කලහ.

පුතා... ඔව් අම්මෙ...දැන් කවද්ද ඔයා එකලාසයක් වෙන්නෙ.. කවදහරි මට මැරෙන්න කලින් ඔයාගෙ දරුවෙක් බලන්න බැරිවෙයිද? මව හැගුම්බරව විමසීය..

මොනවද අම්මෙ මේ කියන විකාර කතා... අනික අම්මා දන්නවනේ... මට තාම බදින්න අදහසක් නෑ.. මට හරියන කෙනෙක් ලැබුනොත් මම ඉක්මන්ටම බදින්නම්.. දැන් අම්මා ඕවා නොහිතා මේ පිස්සිව බන්දන්න බලන්න... හර්ශ සත්‍යා දෙස බලමින් සිනහසෙමින් කීය..

මේක කෙල්ලෙක් ඈ? කොල්ලෙක්නේ හර්ශගේ මව සිනහසෙමින් කී අතර හර්ශ ද සිනහසීය..

ඔයාලා දෙන්න නම් හරි නරකයි අප්පා... සත්‍යා කීය..

මිනිත්තු කිහිපයක් යන තුරු තිදෙනාම කතාබස් කරමින් සිටි අතර .. පසුව මව එතැනින් ඉවත් ව ගියාය... මව නොපෙනි යනකන් බලා සිටි සත්‍යා හර්ශ අසලට පැමිනියාය..

අයියේ....

ඇයි සත්‍යා...

තාමත් ඔයා එයා ගැන හිතනවද?

මැරෙනකම්ම හිතයි ... හර්ශ ගේ පිලිතුරෙන් සෑහීමකට පත් වූ සත්‍යා හිස පහත් කරගෙන නැවතත් තමන් කරමින් සිටි කාර්‍යයෙහි නිරත විය..

සත්‍යා මම නිදාගන්න යනවා... උවමනාවක් උනොත් කතා කරන්න

හ්ම්ම්.. හා අයියේ

හර්ශ අසුනින් නැගිට තම කාමරය වෙත පියනැගීය..

පසුදින මවගේ උපන්දිනය හර්ශ සහ සත්‍යා එක්ව සැමරු අතර රාත්‍රී අටට පමණ හර්ශගේ දුරකතනය නාද විය...

" හෙලෝ සිවා කියන්න "
" හරි සිවා මම දැන්ම එන්නම් "

හර්ශ දුරකතන ඇමතුම විසන්දි කරනවාත් සමගම
සත්‍යාගේ හඩ ඇසිණ..

අයියේ මොකද වෙලා තියෙන්නෙ
සිවකුමාර් සර් මොකද මේ වෙලාවෙ කතා කලේ?

ලොකු දෙයක් නෙවෙයි නංගී
ගජවීරයා ඇවිත් ...අරුන්ව රිලීස් කරන්න කියනවලු..මම ගිහින් බලලා එන්නම්..

ඉන්න අයියෙ මාත් .. සත්‍යාට පැවසීමට හැකි වූයේ එපමනකි..

සත්‍යා ඔයා කොහේවත් යන්නෙ නෑ... අද අම්මගේ උපන්දිනේ ... ඔයා අම්මා එක්ක ඉන්න ඕන..
හර්ශ අවදාරනාත්මකව කීය..

ඒත් අයියේ...

ඒත් මේත් නෙවෙයි සත්‍යා ...මම කියන දේ අහන්න.. මම ගිහින් ඉක්මන්ට එන්නම්.. එසේ කොයූ හර්ශ තම මෝටරථයෙන් විශේෂ අපරාධ ඒකකය වෙත පිටව ගියහ.

හර්ශ ඒකකය වෙත ලගාවනවිට එහි ප්‍රභූ ආරක්ශක රථ ගාල් කර තිබූ අතර ඒ කිසිවකුත් ගනනකට නොගත් ඔහු තම රථය රථ ගාලෙහි ගාල් කොට කාර්‍යාලය වෙත පියනැගීය..
ඔහු කාර්‍යාලය වෙත යන විට කාර්‍යාලය තුල සුදුපැහැති ජාතික ඇදුමින් සැරසුනු ප්‍රභූවරයා අසුන්ගෙන සිටිනු දක්නට ලැබින.. ඒ අසලම කාර්‍යාලය දොරටුව අබියස සිවකුමාර් සහ සෆ්‍රාස් හර්ශගේ පැමිනීම අපේක්ෂා කරමින් සිටිනු හර්ශ හට දක්නට ලැබින.

හර්ශ ව දුටු ඔවුන් මද සින්හවක් පා හර්ශ අසලට ගොස් කෙදිරීය...
සර් ඇමතිතුමා පුදුම වදයක් දුන්නේ ඒකයි කෝල් කලේ...සිවකුමාර් පැවසීය..

කමක් නෑ සිවා . එක හොදයි... මම බලාගන්නම් ..එන්නකෝ... හර්ශ සෆ්‍රාස් සහ සිවකුමාර් කැදවාගෙන කාර්‍යාලය තුලට පිවිසි අතර ප්‍රභූවරයා ගැන තැකීමක් නොකල ඔහු කාර්‍යාලය තුලට පිවිස තම අසුනේ අසුන්ගත්තේය..

සාජන් පියසෝම ඉන්නවද ? හර්ශ උස් ස්වරයකින් ඇමතූ විට නිලධාරීයකු පැමින ආචාර කලේය.

පියසෝම , පියල් ට කියලා මට කෝපි එකක් ගේන්න.. හර්ශ පැවසීය. එම නිලධාරීයා ආචාරකොට නැවත පිටවූ අතර හර්ශ දෙස එක එල්ලේ බලාසිටි ප්‍රභූවරයා දෙස බැලූ හර්ශ මද සිනහවකින් ඔහුට සංග්‍රහ කලේය..

Comments

Popular posts from this blog

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ