đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

👣C.R.E.A.T.O.R මුල සිට එකපෙලට දෙවන කොටස

👣C.R.E.A.T.O.R නව වන දිගහැරුම👣

මට නම් හිතාගන්න බැහැ මැඩම් මේක කොහොමද උනේ කියලා..සෙනාලි නෙවෙයි නම් කවුද මේ....?

මටත් දුශාන් ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නෙ ?

CCTV රිපෝට්ස් එකේ පවා අන්තිමට 9.20ටත් සෙනාලි ඉන්නවා ...

ඔව් දුශාන් ඒක තමයි මේ මාත් කල්පනා කලේ...

************************
පාන්දර දෙකට පමන එක් වරම අවදි වූ සත්‍යා විගස හැදපැලදගෙන තම මූලස්ථානය වෙත පැමිනියාය ...

රාත්‍රි සේවයෙහි නිරතව සිටි නිලදාරියකු කැදවා සාදයේ cctv දර්ශන ගෙන්වාගත් සත්‍යා එය තම මේසයේ පරිගනකයෙන් කිහිප සැරයක් ම නරඹන අතර කොලයක යම් යම් දෑ සටහන් කරගත්තේය..

එම කාර්‍ය අවසන් කල සත්‍යා , වෙලාව බැලීය... හයාමාරයි ... තමාටම කියාගත් ඇය දුශාන් වෙත ඇමතුමක් ගෙන මූලස්ථානය වෙත කැදවීය.

උදෑසන 08 පමණ වන විට දුශාන් සත්‍යාගේ කාර්‍යාලය ට පැමින සිටි අතර උදෑසන ආහාරයෙන් පසු සත්‍යා කතා කිරීමට පටන් ගත්තාය.

දුශාන් මට අපේ පොට අහුවුනා....

මැඩම්... ඔයා කිය්න දේ මට තේරෙන්නේ නැහැ...

මං හැමදේම තේරුම් කරන්නම් ඔයා සෙනාලිව අරන් එන්න... සත්‍යා එසේ කී විට දුශාන් පිටව ගියේය...

පැය එකහමාරක් පමණ ගතවන විට දුශාන් නැවත පැමිනියේය .

මැඩම් සෙනාලි එක්කගෙන ආවා... දුශාන් ආචාර කරමින් පැවසීය ...

එහෙනම් යමු දුශාන් ... එසේ කී සත්‍යා දුශාන් සමග ප්‍රශ්න කිරීමේ කුටිය වෙත පැමිනියහ.

සෙනාලි Good Morning

Good Morning පොලිස්කාරි...

ඒ නමට නම් මම වැඩිය ආස නැහැ ..
සත්‍යා සිනහසෙමින් කීය...

සෙනාලි මං වහෙන් ඔරෝ නැතුව අහන්නම්...පාර්ටි එක දවසෙ රෑ අටත් නවයත් අතර කොහෙද හිටියේ?

වෙන කොහෙද පාර්ටි එකේ මිසක්....?

සෙනාලි සෙල්ලම් කරන්න හදන්න එපා..මම අයෙත් අහනවා... පාර්ටි එක දවසෙ රෑ අට ත් නවයත් අතරෙ කොහෙද හිටියෙ?
සත්‍යා අවදාරනාත්මකව කීය..

දෙයියනේ මං කිව්වනේ ... මං හිටියෙ පාර්ටි එකේ...?

මේ තියෙන්නෙ පාර්ටි එකෙ cctv රෙකෝඩින්ග්ස් ... මේ රෙකෝඩින්ග්ස් වල රෑ 8 ඉදන් 9 වෙනක්ම් කොතනකවත් ඔයා නැහැ...

ASP සත්‍යා...ඒ රෙකෝඩින්ග්ස් වල මම නැහැ කියලා ...
මම ඒ වෙලාවෙ පාර්ටි එකේ නැහැ කියලා කියන්නෙ කොහොමද ?
සෙනාලි හඩ තීව්‍ර කරමින් කීය..

ඕක play කරන්න ..
උස් හඩින් සත්‍යා පැවසීය...
එවිට ප්‍රශ්න කිරීමේ කුටියෙහි තිබූ රූපවාහිනී තිරයේ දිස් වූයේ සාදය පැවති නිවසට යාබද නිවසක cctv දර්ශනයි...

එහි එක් කොනක සෙනාලිගේ වාහනය පස්වරු 8.00 ට පමණ සාදය පැවති නිවසින් පිටත්ව යනු සනිටුහන්ව තිබිණ ...
එම වීඩියෝ පටය ඉදිරියට ගෙන ගිය අතර එහි සනිටුහන්ව තිබුනේ සෙනාලි ගේ වාහනය නැවත රාත්‍රි 9.00ට පමන සාදයට පැමිනි ආකාරයයි ..

දැන් ඔයා කිව්වොත් හොදයි නේද සෙනාලි මැඩම් ඔයා කොහෙද ගියේ කියලා...
ඔයාට තව දේවල් ඕන නම්... කවීශ ගෙ මොබයිල් නෙට්වර්ක් එකේ ඩීටේල්ස් මට පෙන්වන්න පුලුවන් ...
ඔයා දැන් හොදටම දන්නවනෙ සෙනාලි... මං මොනවා ගැනද කියන්නෙ කියලා...

එය ඇසූ සෙනාලි ඉකිබිදින්නට පටන් ගත් අතර තප්පර කිහිපයක් යත්ම ඇය හඩන්නට විය...

එම අවස්තාවේ සත්‍යා හට බාදා කරමින්..නිලදාරියකු ප්‍රශ්න කිරීමෙ කුටියෙහි දොරටුව ට තට්ටු කලේය... දුශාන් ගොස් ඔහුගෙන් කාරනය විමසා සත්‍යා අසලට පැමින රහසින් එම පනිවිඩය සත්‍යා හට පැවසීය...

දුශාන් අපි ගිහින් එමු... මොකද සෙනාලිට කාරනා ටික මතක් කරගන්න පොඩි කාලයක් දෙන්න ඕන...

සත්‍යා දුශාන් සමග සත්‍යාගේ කාර්‍යාලය වෙත යනවිට එහි පැමින සිටියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය...

සත්‍යා සහ දුශාන් ඔහු ඉදිරියට පැමින ආචාර කලේය...
සර් මොකද මේ වෙලාවෙ මෙහෙ ?
සත්‍යා විමසීය ...

මොකද්ද සත්‍යා මේ නටන නාඩගම ? අර EX MINISTER ගෙ දුවව ඇයි තාම තියාගෙන ඉන්නෙ? දැන් දවස් කීයක්ද?
නියෝජනය පොලිස් පති වරයා සත්‍යා හට දොස් නැගීය..
හෙට උදේ වෙන්න කලින් ඒ කෙල්ල මේ කේස් එකට සම්බන්ධයි කියලා ඔප්පු කරගන්න බැරි උනොත් හෙට ඒ කෙල්ලව නිදහස් කරන්න...එච්චරයි
එසේ කියූ නියෝජ්‍ය පොලිස් පතිවරයා තරහෙන් පිටව ගිය අතර කට කොනකින් සිනහසුනු සත්‍යා හඩ අවදි කලාය..

දුශාන් පැය දෙකක් යද්දි අරකි වමාරයි...
සත්‍යා පැවසීය ..

👣C.R.E.A.T.O.R දස වන දිගහැරුම👣

දුශාන් පැය දෙකක් යද්දි අරකි වමාරයි...
සත්‍යා පැවසීය ..

මම හිතන්නෙ සෙනාලි දැන් ඔයාට හොදටම වෙලාව ඇති නේද උන දේ මතක් කරන්න?
සත්‍යා ප්‍රශ්න කිරීමේ කුටියට පැමිනෙමින් විමසීය...

හැඩූ කදුලින් සිටි සෙනාලි
හිස ඔසවා සත්‍යා දෙස බැලීය..

සෙනාලි ඉකිගසමින් තම මුව විවර කලාය..

එදා හවස මම පාර්ටි එකේ ඉන්නකොට , කවීශ මට හදිසියේ කතා කලා...

හෙලෝ කවීශ ඇයි ඔයා ආපහු කතා කලේ? දන්න්වනෙ හැමදේම ඉවරයි...

'මේ අහන්න සෙනාලි.. ඔයා තවත් දුක් විදිනවා මට බලන් ඉන්න බැහැ.. අපි මේ ප්‍රශ්නෙ විසදගමු...ඔයා එන්නකො ගෙදර..."

එහෙම කවීශ කිව්වහම මම ගෙදර ගියා ඉක්මන්ට ...
විනාඩි 10 යි යන්නෙ ගෙදර යන්න..
මම ගෙදර යද්දි කවීශ ඇවිත් හිටියා...

ඒ වෙලාවෙ හොදටම බීලා හිටියෙ සෙනාල්

සෙනාල් ට කවීශ කිව්වා මගෙන් ඩිවෝස් වෙන්න කියලා..

ඒක කිව්ව වෙලාවෙම සෙනාල් කවීශගෙ ඇගට පැනලා ගහගෙන ගහගෙන ගියා.. කවීශ බිම වැටිලා ඉන්නකොට සෙනාල් එයාගෙ පිස්ටල් එක අරන් ආවා...
අරන් ඇවිත් කවීශ ගෙ පැත්තට දික කලා..

ඒ වෙලාවෙ මම කවීශව බේරගන්න සෙනාල් ව තල්ලු කලා...
සෙනාල් ව වැටුනට පස්සෙ මම පිස්ටල් එක අහුලගෙන සෙනාල් ගෙ පැත්තට දික් කලා..

සෙනාල් තෝ මට වෙඩිතියනවද කියලා අහගෙන මගේ පැත්තට එද්දි බයට මගෙ අතින් පිස්ටල් එක ෆයර් උනා...
සෙනාලි හැඩීමට විය..
ඒ වෙලාවෙ සෙනාල් ව එතනම වැටුනා... මාවත් කලන්තෙ දැම්මා...
මම ඇහැරෙනකොට උදේ වෙලා..සාලෙ සෙනාලුයි කවීශ යි දෙන්නම වැටිලා හිටියා...
එතනින් එහාට සිද්ධ වෙච්ච දේ ඔයාලා දන්නවා....

සුසුමක් හෙලමින් සෙනාලි තම පාපොච්චාරණය අවසන් කලාය..

අසල කුටියක සිට පැමිනි අයෙක් පාපොච්චාරණය සටහන් කල ලිපියක් සත්‍යා අතට දන් අතර සත්‍යා සෙනාලි ගේ මහපට ඇගිලි මුද්‍රාව එම ලිපියට ලබා ගත්තාය...

දුශාන් දැන් සෙනාලිව ඇරෙස්ට් කරන්න ... ඉස්සරහට සෙනාලි සම්බන්ධයෙන් වෙන හැම වැඩක්ම ඔයාට බාරයි...

ඒත් මැඩම් මැඩම් දැන් මොකද්ද කරන්න හදන්නේ?

කට කොනකින් සින්හසුන් සත්‍යා දුශාන් දෙසට හැරී තම හඩ අවදි කලාය..
මම යනවා කවීශ ට වෙඩි තියපු කෙනාව හොයාගන්න .......සත්‍යා අවදාරනය කලාය.

දින කිහිපයක් ගතවිය .. සෙනාලි රක්ෂිත බන්ධනාගාර ගත කල අතර සත්‍යා තවමත් කවීශ ගේ මරණය පසුපස හබා යමින් සිටියාය. නමුත් ඉදිරියට යා හැකි කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට ඇය හට නොහැකි විය..

දිනක් උදෑසනින් ම ඉතා කලබලයෙන් සත්‍යාගේ කාර්‍යාලය වෙත දුශාන් පැමිනියේය ... ආචාර කිරීම ට ද අමතක වූ ඔහු පැමින සත්‍යාගේ මේසය මත තිබූ ජල බෝතලය එක හුස්මට බීවේය..

සත්‍යා පුදුම වී ඔහු දෙස බලා සිට සිය හඩ අවදි කලාය...

දුශාන් ...මොකද මේ කලබලේ?

මැඩම් ... තවත් මිනීමැරුමක් ......

මොනවා ඒ කොහෙද? ඇයි ඒක මෙහෙට අරන් ආවෙ? සත්‍යා පුදුමයෙන් ඇසීය..

මැඩම් මේ කේස් එක සෙනාලි ගෙ කේස් එකට හැම අතින් ම සමානයි...

👣C.R.E.A.T.O.R එකොළොස් වන දිගහැරුම👣

මැඩම් ... තවත් මිනීමැරුමක් ......

මොනවා ඒ කොහෙද? ඇයි ඒක මෙහෙට අරන් ආවෙ? සත්‍යා පුදුමයෙන් ඇසීය..

මැඩම් මේ කේස් එක සෙනාලි ගෙ කේස් එකට හැම අතින් ම සමානයි...

දුශාන් ඔයා මේ මොනවද දොඩවන්නෙ මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ...
කිසිදු දෙයක් අදහාගත නොහැකි වූ සත්‍යා පැවසීය ...

මැඩම් ..... ඔයා මේක බලන්නම ඕන... මොකද... මේ පාර මැරිලා තියෙන්නෙ OIC කෙනෙක් ... ඒ විදිහටම...

සත්‍යා සහ දුශාන් ඉතා වේගයෙන් ගොස් දුශාන් ගේ ජිප් රතයට ගොඩවිය... පැය බාගයක පමන ගමනකට පසු සත්‍යා සහ දුශාන් ලගා වූයේ මද්‍යම පාන්තික නිවසකට ය... නිවස වටා ප්‍රදේශයේ ජනතාව එක්‍ රොක් වී සිදුවීම නැරඹීම සදහා රැස්ව සිටි අතර පොලීසිය විසින් සිදුවීම සිදුවූ ස්තානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබින...

දුශාන් සත්‍යාව මිනීමැරුම සිදුවූ කාමරය වෙතට රැගෙන ගිය අතර එහි හරි මැද මුනින් අතට වැටී තිබූ නිසල දේහය දිස්විය...

මැදිවියෙහි පසුවූ එම නිලදාරියා මියගොස් ඇත්තේ හිසපසාරුකරමින් යැවුනු ප්‍රබල වෙඩි උන්ඩයකිනි... සත්‍යා නිසල දේහය පරීක්ශා කරමින් සිටි අතර සත්‍යාගේ
කාර්‍යට බාධා කරමින් දුශාන් හඩ අවදි කලේය..

මැඩම් .....

කියන්න දුශාන් ... සත්‍යා තම කාර්‍යයෙහි නිරතවන අතරම පැවසීය...

වෙඩි තියලා තියෙන්නෙ oic ගෙම වෙපන් එකෙන්....ඒ වගේම ඒ වෙපන් එකේ ෆින්ගර් ප්‍රින්ට් ටෙස්ට් කරන්න යැව්වා...

කොහොමද දුශාන් මේ කේස් එක සෙනාලිගෙ කේස් එක වගේ කියන්නෙ?

Oic ගෙ වයිෆ් ඊයෙ oic එක්ක පොඩි රන්ඩුවක් වෙලා කලින්ම නිදාගෙන

පස්සෙ උදේ ඇහැරෙනකොට තමයි දැකලා තියෙන්නෙ oic වැටිලා ඉන්නවා... ඒක දැකපු wife ඇවිත් පොලිසියට inform කලා... ඒ වගේම වෙපන් එක හොයගත්තෙ ඇද යට තිබිලා...දුශාන් තම කතාව අවසන් කලේය..

දුශාන් .....

ඔව් මැඩම්...

DIG ට කියලා මම මේ කේස් එක SCB යටතට ගන්නම්...

එතකන් මේ කේස් එකේ හැම අලුත් News එකක් ම මට ඕන... specially , OIC ගෙ වයිෆ්ට දැන්ම ආරක්ෂාව දෙන්න...

එත් මැඩම් ඒ ඇයි...?

මේ කේස් එකේදි හරි අපි කොහොම හරි කිල්ලර් ව අල්ලගන්න ඕන... මේ නඩු දෙකම දුශාන් කිව්වා වගේ බොහෝ දුරට සම්බන්ධ වෙන්න පුලුවන් ...
හවසට මගෙ ඔෆිස් එකට එන්න .... සත්‍යා පැවසුවේ එපමනකි.... දුශාන් හට සිද්ධිය සිදුවූ ස්තානයේ සිටිනා ලෙසට උපදෙස් ලබා දුන් සත්‍යා, කොස්තාපල් වරයකු සමග නැවතත් මූලස්ථානය වෙත පියනැගීය....

සවස හතරට පමන දුශාන් සත්‍යා හමුවීමට ඇගේ කාර්‍යාලය වෙත පැමිනියේය ...

දුශාන් මේ නඩු දෙකම එකක් වෙන්න පුලුවන් කියලා...මට හිතෙන්නෙ මේ දෙකේම රටාවක් තියෙනවා ....
ඕනම කිල්ලර් කෙනෙක්ට තමන්ගෙ ම විදිහක් තියෙන්වා...
මේ කිල්ලර් ගෙ විදිහ තමයි මිනීමැරුමක් කරලා ඒක ඒ කෙනාගෙ ලගම නෑයෙක්ට පවරන එක...

ඒත් ඇයි මැඩම් ඌ එහෙම කරන්නෙ.?
මට නම් හිතාගන්න බැහැ..

වෙන මොකටද දුශාන් ......ඌට ඕන කරන්නෙ පලිගන්න අමු අමුවේ පලිගන්න.........

පලිගන්න...? ඒත් කාගෙන්ද? දුශාන් පුදුමයෙන් විමසීය ...

වෙන කාගෙන්ද දුශාන් ....
මැරුම්කාපු අයගෙන් මිසක්...

අපි කොහොමද මැඩම් මේ කේස් එක ඉස්සරහට යන්නෙ?

කොයිතරම් දුශ්කර උනත් කරන්න තියෙන එකම දේ මේ වෙලාවෙ අපිට කරන්න වෙනවා දුශාන් ...

ඒත් මැඩම් මොකද්ද ඒ?

දුශාන් විමසූ පසු සත්‍යා රසිකා ව තම කාර්‍යාලය වෙත කැදවීය...

රසිකා Good evening සත්‍යා පැවසීය

Good evening madam, Good evening IP දුශාන් ....රසිකා සත්‍යා හට ආචාර කරන අතර පැවසීය ..

Good evening රසිකා.. දුශාන් පැවසීය ..

මැඩම් මට එන්න කිව්වෙ?

OIC පාලිත බණ්ඩාර
ඒ වගේම Lawyer කවීශ හෝ සෙනාල් නැත්තම් මේ තුන් දෙනාම ඉන්වෝල් උන කේස් වල ෆුල් ඩීටේල්ස් තියෙන ලිස්ට් එකක් මට ඕන... පුලුවන් තරම් ඉක්මන්ට ....

Madam මට පැය 24 ක් දෙන්න.....

Ok රසිකා ... එහෙනම් ඔයාගෙ කාලය දැන් පටන් ගන්නවා...

රසිකා සත්‍යා හට ආචාර කර පිටව ගියාය..

👣C.R.E.A.T.O.R දොළොස් වන
දිගහැරුම👣

Ok රසිකා ... එහෙනම් ඔයාගෙ කාලය දැන් පටන් ගන්නවා...

රසිකා සත්‍යා හට ආචාර කර පිටව ගියාය..
*****************
Good evening මැඩම්

Good evening රසිකා
ඉතින් මොකද තත්වෙ? කේස් කීයක් හම්බ උනාද?

රසිකා තම අතෙහි තිබූ ලිපිගොනු පොදියක් රැගෙන විත් සත්‍යාගේ මේසය මතින් තිබූ අතර රසිකා පිටුසින් පැමිනි තවත් අයෙක් එවැනිම ලිපිගොනුවක් සත්‍යාගේ මේසය මතින් තැබීය...

රසිකා මේ සෙට් දෙකම...සත්‍යා පුදුමයෙන් ඇසීය...

ඔව් මැඩම් එයාලා එකතු වෙලා ගොඩක් කේස් වලදි...

සත්‍යා තම හිසට අත තබා ගත් අතර රසිකා බිම බලාගෙන සිටියාය...

හැම කේස් එකක්ම ස්ටඩි කරන්න වෙන්වා රසිකා... වෙන කරන්න දෙයක් නැහැ...
*******************

සත්‍යා සවස්වරුවේ දුශාන් කැදවූ අතර සත්‍යා දුශාන් හා රසිකා එක්ව සැකකටයුතු ලිපිගොනු තිබේදැයි පරීකෂා කලහ..

පාන්දර දෙක පමන වනතුරුත් කිසිදු සැක කටයුතු යමක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් විය....

මම නම් හිතන්නෙ නැහැ මැඩම් මේ වැඩේ හරියයි කියලා....

ඔව් දුශාන් .... මට ත් ඒක හිතුනා ඒත් උත්සහ කරන එක වටිනවනෙ...සත්‍යා මද සිනහවක් පාමින් කීය..

දුශාන් , රසිකා ... ගිහිල්ලා තේකක් බීලා එමුද... මෙතන ඉස්සරහ කඩයක් තියෙනවා ....

Ok මැඩම් බීලා එමු...දුශාන් තම අතෙහි තිබූ ලිපිගොනුව බිම දමමින් කීය...

මැඩම්... ඒක නෙවෙයි අර මර්ඩර් කේස් එක වුනු තැන වැටිලා.... දුශාන්ගේ කතාවට බාධා කරමින් සත්‍යාගේ පෞද්ගලික දුරකථනය ට ඇමතක් පැමිනි අතර ඇය එය ට පිලිතුරු දුන්නාය..

ඔව් අම්මා කියන්න..
නැ නෑ.මම එන්න උදේ වෙයි..
අම්මා ඇහැරන් ඉන්න එපා නිදාගන්න...

සත්‍යා තම දුරකථනය විසන්දි කර දුශාන් වෙතට හැරින..

දුශාන් මොකද්ද කියන්න ගියෙ..

නැහැ මැඩම් මුකුත් නැහැ.. අපි එහෙනම් යමුද?

Ok දුශාන් යමු එහෙනම්

තිදෙනාම මූලස්ථානය ඉදිරියෙන් වූ කඩයකට රත්‍රී කඩයකට ගොඩ වී තේ පානය කලහ.එය වීදි කඩයක් වූ අතර මූලස්ථානය පෙනෙන දුරින් එය අසලින්ම පිහිටා තිබුනි...

සත්‍යා එක් වරම කලබල වී මාර්ගය දෙස බැලීය...

සත්‍යා මාර්ගය දෙස බලනු දුටු රසිකා සහ දුශාන් ද මාර්ගය දෙස බැලීය...

ඔවුන් දුටුවේ ඉතා වේගයෙන් මූලස්ථානය දෙසට දුව එන යම් පුද්ගලයෙකි...ඔහු මූලස්ථානය වෙත ලංවෙත්ම තීව්‍ර හඩක් සමගින් වෙඩි පහරක් එම පුද්ගලයා හට එල්ල විය.

සත්‍යා විගසින් තමා අත තිබූ පිස්තෝලය එලියට ඇද ඒ දෙසට දිවගිය අතර දුශාන් සහ රසිකාද ඇයව අනුගමනය කලහ... දුශාන් සහ රසිකා වැටී සිටි පුද්ගලයා අසල රැදුනු අතර සත්‍යා ඉදිරියට දිවයන අයුරු ඔවුන් දිටීය...

දුශාන් විගස අදාල අංශ වෙත දුරකථන ඇමතුම් ලබාදුන් අතර සත්‍යා විනාඩි 10 කට පමන පසු නැවත් පැමිනියේය ...

දුශාන් ,සත්‍යා ලං වෙත්ම පුද්ගලයා මියගිය බව හගවමින් හිස දෙපසට සැලීය..

සත්‍යාද පහත් වී මෘතදේහය පරීක්ශා කලාය...

ඔලුවටයි ඇගටයි වෙඩි 5 කට වඩා වැදිලා...සත්‍යා පැවසීය ...

මිනිත්තු 15 ක් ගත්වෙත්ම පොලිස් නිළ්දාරීන් එම ස්තානයේ රොක්වූ අතර දේහය මරන පරීක්ෂණ කටයුතු සදහා රැගෙන ගියේය....

**************************

සත්‍යා එදින දහවල් නිවසට වී සිදුවූ සිදුවීම් පිලිබදව කල්පනා කරමින් සිටි අතර එක් වරම ඇයගේ දුරකථනය නාද විය....

හෙලෝ දුශාන් ..මොකද මේ වෙලාවෙ?
මොනවා.... ඒ කොහොමද ?
මම දැන්ම එන්නම් ... සත්‍යා පුදුමයෙන් පැවසීය ...

👣C.R.E.A.T.O.R දහතුන් වන
දිගහැරුම👣

හෙලෝ දුශාන් ..මොකද මේ වෙලාවෙ?
මොනවා.... ඒ කොහොමද ?
මම දැන්ම එන්නම් ... සත්‍යා පුදුමයෙන් පැවසීය ...

******************
දුශාන් මොකද මේ හදිසියේම මට එන්න කිව්වෙ? පිස්ටල් එක හම්බුනාලු නේද?
තම කාර්‍යාලය තුල අසුන්ගෙන සිටි දුශාන් ව දුටු සත්‍යා ඔහුට පවසමින් තම අසුනෙහි හිද ගත්තාය......

මැඩම්....ඊයෙ අර මනුස්සයට වෙඩිතියපු පිස්ටල් එක......

ඒ පිස්ටල් එක හොයාගත්තද ?
නියමයි දුශාන් නියමයි...

ඒත් මැඩම්.....ඇයි දුශාන් ඒත් මැඩම් කියන්නේ......

ඒ පිස්ටල් එක අපි හොයාගත්තා නෙවෙයි...

එහෙනම්....?

ඒක අපිට ගෙනත් දුන්නා....

මොනවා ගෙනත් දුන්නා... මොනවද දුශාන් මේ කියවන්නේ? මට කිසි දෙයක් තෙරෙන්නෙ නැහැ....සත්‍යා කුතුහලයෙන් පැවසීය ...

මැඩම් ඒ පිස්ටල් එක අරන් ආවෙ මැරුන කෙනාගෙ වයිෆ්... එයා ඒ පිස්ටල් එක අරන් ඇවිත් කිව්වා....එයාට ඒක හම්බුනේ උදේ දොර අරිනකොට ගේ ඉස්සරහ තිබිලලු....
ඊට පස්සෙ ඒ මනුස්සය කිව්වා එයාගෙ හස්බන් අතුරුදන් වෙලා කියලා...
හස්බන් දවස් අටක් තිස්සෙ ආගිය අතක් නැහැ කියලා...
ඒ මනුස්සය ගාව තිබ්බ ෆොටො එකකින් තමයි අපි කන්ෆර්ම් කරග්ත්තෙ මැරුන කෙනාව...

දුශාන් ....... මේ මැරුනු මනුස්සයා කවුද ? මොනවා කරන කෙනෙක්ද?

ඒ මනුස්සයගෙ නම යසපාල...
හන්දියෙ ගරාජ් එකක වැඩ...
සතියකින් වැඩට ඇවිත් නැහැ...
ඇගේ තැලුම් පාරවල් ගොඩක් තිබ්බා....

දුශාන් ....... සත්‍යා තම කල්පනාව මදක් නවතා හඩ අවදි කලේය...

ඔව් මැඩම්...

අපි මේ යන්නෙ කොහාටද කියලා මට තේරෙන්නෙ නැහැ...

ඒත් සෙනාල් කවීශ කේස් එක...
ඒ වගේම OIC පාලිත බණ්ඩාර ගෙ case එක...දැන් මේ යසපාලගෙ case එක ... මේ තුනම එකම දෙයකට සම්බන්ධ යි දුශාන් ....එකම රටාව.... එකම..... කිල්ලර්....

ඒත් මැඩම් කොහොමද අපි මේ කේස් එක විසදන්නෙ?

දැන් අපිට මේ මර්ඩර්ස් තුනේ සම්බන්ධයක් හොයගන්න පුලුවන් වෙයි දුශාන් ....

සත්‍යා තම දුරකතනයෙන් ඇමතුමක් ගත් අතර මිනිත්තු කිහිපයක් යත් ම රසිකා සත්‍යාගේ කාර්‍යාලය වෙත පැමිනියාය...

සත්‍යා තම මේසය මත තිබූ යම් කොල කැබැල්ලක යමක් ලියූ අතර එය රසිකා අතට දුන්නාය...

රසිකා මේ ෆයිල් එක අරන් එන්න... මට මේ මැරුනු මනුස්සය ටිකක් මතකයි වගේ.... හැබැයි දුශාන් මං සැක කරන දේ .....මේ ඒකමනම් ....ඉස්සරහට .... මම දන්නෙ නැහැ මේ කේස් එක යන්නෙ කොහාටද කියලා....පුලුවන් ඉක්මන්ට ගේන්න රසිකා.....

Ok මැඩම් මං පුලුවන් ඉක්මනින් ගේන්නම්... රසිකා ආචාර කොට පිටව ගියාය...

මැඩම්.... දැන් මැඩම් රසිකට කීව දේ...මට ඒක තේරුනේ නැහැ...

දුශාන්........
ඒ ෆයිල් එක එනකම් ඉමු....
ඊට පස්සෙ.... අපි මේ ගැන කතා කරමු....
සත්‍යා සුසුමක් සලා...නිහඩවම කල්පනා කරමින් දෑස වසාගත් අතර ඇගේ දෑසින් කදුලු බිදු වැටින....

Excuse me මැඩම්.....
Excuse me......
රසිකා මදක් ශබ්ද නගා කතා කල අතර සත්‍යාගේ දෑස් විවර විය...
සත්‍යාට තම අසුනෙහිම නින්ද ගොස් තිබින... සත්‍යා තම දෑස පිසදා බිත්ති ඔරලෝසුව දෙස බැලූ අතර ඇය පුදුමයට පත් විය...

අම්මෝ රසිකා....මට පැය දෙකකට වඩා නින්ද ගිහින්....කෝ දුශාන් .....

එලියට ගිහින් මැඩම්...

කෝ ෆයිල් එක?

මේ තියෙන්නෙ ඒ ෆයිල් එක මැඩම්....රසිකා ලිපිගොනුවක් සත්‍යා අතට දුන් අතර සත්‍යා එය දෑතින්ම ගෙන තම මේසය මතින් තබා ගත් අතර ඇය ඒ දෙස බලා මදක් කල්පනා කල අතර ඉන්පසු හඩ අවදි කලාය...

රසිකා...... දුශාන් ට එන්න කියන්න...

Ok මැඩම්....රසිකා ආචාර කොට පිටව ගිය අතර තප්පර කිහිපයක් යත්ම දුශාන් සමග කාර්‍යාලය වෙත පැමිනියාය...

ඉදගන්න දුශාන් ....ඉදගන්න රසිකා....බලමු අපි මොකද වෙන්නෙ කියලා....
රසිකා සහ දුශාන් අසුන් ගත් හ..

සත්‍යා ලිපිගොනුව අතට ගෙන පිටු කිහිපයක් සෙමෙන් පෙරලූ අතර එක් පිටුවක් අවසානයේ ඇගේ මුහුන අදුරු විය...ඇය ඉතා වේගයෙන් අනෙක් පිටු කිහිපය පෙරලූ අතර අවසානයේ ඉතා හැගුම්බරව ලිපිගොනුව තම මේසය මතින් තැබීය....තප්පර කිහිපයක් එදෙස බලාගෙන නැවත කල්පනා කලාය.. සත්‍යාගෙ දෙඇස් වලින් නැවතත් කදුලු කැට වැටින.... මදක් සත්‍යා දෙස බලා සිටි දුශාන් තම හඩ අවදි කලේය...

මැඩම් ......මොකද්ද ඒ? මැඩම් හිතුව දේම ද?

සත්‍යා ඉවත බලාගත් වන ම හිද හිස සැලීය...හිස සලා හඩ අවදි කලාය...

ඔව් දුශාන්....
මම හිතුවා හරි...
මේ මර්ඩර්ස් තුනම ලින්ක් වෙන එකම කේස් එක..... ඒ වගේම සර් ට විසදන්න බැරි උන එකම කේස් එක....

මැඩම් ඒ කියන්නෙ.......

ඔව් රසිකා ඔයා හිතන දේ තමයි...
මගේ සර්... ඒ වගේම හොදම යාලුවා...Ghost Unit එකේ leader..Special Crime Branch එකේ මෙතෙක් කාලෙකට හිටපු හොදම Officer ....Ex ASP හර්ශ මහනාමගේ අන්තිම කේස් එක....
ඒ වගේම හර්ශ සර් ට විසදන්න බැරි උන එකම කේස් එක....

CASE OF DINANNYA GOTHAMI......

👣C.R.E.A.T.O.R දහ හතර වන
දිගහැරුම👣

CASE OF DINANNYA GOTHAMI......

මැඩම් ඔය කියන්නෙ අර මෝහන් රණසිංහ සම්බන්ධ case එක නේද?

ඔව් දුශාන් ඒක තමයි....

දැන් මැඩම් අපි මොකද කරන්නෙ?

මේ කේස් එක ඉස්සරහට යන්න නම් අපිට දිනන්‍යා ගෙ කේස් එක ආපහු එලියට ගන්න වෙනවා...

ඒත් මෑඩම් ඒ කොහොමද ?

අපිට මේ වැඩේට උදව් ඕන වෙන්වා දුශාන් .....

උදව්.... ?
කාගෙන්ද ?

Ghost Team එකෙන්

මැඩම් කියන්නේ පරන team එකේ අයව මේ වැඩේට සම්බන්ධකරගන්නද?

ඔව් දුශාන් ...

මේ කේස් එක ඉස්සරහට යන්න නම් අපිට ඒ අයව අනිවාරෙන් ම ඕන වෙන්වා...

රසිකා...

ඔව් මැඩම්...

SCB ex officer base එකෙන් ශක්ති සිවකුමාර් , සෆ්‍රාස් මොහොමඩ් , අශේන් ෆර්නැන්ඩු...ඒ වගේම හෙඩ් ශොට් ....මේ අය ඉන්න තැන් හොයලා මට කියන්න...do it quickly rasika..

Ok මැඩම් මම දැන් ම බලන්නම්....
රසිකා සත්‍යා හට ආචාර කොට පිටව ගියාය....

මැඩම් මැඩම්ට හොදටම විස්වාසයි ද මේ කේස් එකට එයාලව අපිට ඕන කියලා....

දුශාන් ...... මේ කේස් එක වෙනකොට හර්ශ සර් එක්ක හිටපු ටීම් එක දන්නවා මේ කේස් එකේ හැමදේම..ඉතින් එයාලව අපිට මේ වෙලාවෙ ඕනමයි...

Ok මැඩම්......මැඩම්ගෙ කැමැත්තක් ...

දුශාන් අපි එහෙනම් ලන්ච් එක අරන් එමු...සත්‍යා තම අසුනින් නැගිටින අතර පැවසීය....

Ok මැඩම්...එහෙනම් යමු....
සත්‍යා සහ දුශාන් දිවා ආහාරය සදහා කාර්‍යාලය වෙතින් බැහැරව ගියහ...

කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගිය අතර සවස් වරුව එලබින..

මැඩම් මෙන්න මැඩම් ඉල්ලපු දේ....රසිකා සත්‍යා ඉල්ලූ ලිපිගොනුව සත්‍යා හට ලබා දුන්නාය...

සත්‍යා එය විගසින් පෙරලා බැලූ අතර මදක් කල්පනාකරමින් කාලය ගත කලාය....

දුශාන් ......

ඔව් මැඩම්.......

හෙට උදේම යමු සිවකුමාර් සර් හන්බවෙන්න.....

මැඩම් මැඩම්ලාගෙ team එක ගැන මට ටිකක් කියන්නකො....මම කිව්වේ ....
හර්ශ සර් ගෙ team එක ගැන....
ඒ වගේම මට දැනගන්න ඕන මැඩම් මොකද්ද මේ දිනන්‍යා ගෝතමී ගැන කේස් එකේ සම්පූර්ණ කතාව....
මට මේ හැම දෙයක්ම පැටලිලා තියෙන්නෙ මැඩම්....

දුශාන් මම ඔයාට හැමදේම කියන්නම්...
මේ හැමදේම උනේ මීට අවුරුදු හතරකට විතර කලින්.....

****************************
සිව් වසරකට පෙර

Comments

Popular posts from this blog

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ

đŸ‘ŖCreator - The Man who create everythingđŸ‘Ŗ